Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක බවුසර් රථ අනතුර

3 weeks ago 3.9 K

බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළීමෙන් මාරක රිය අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් බවුසර් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙකු බවත් ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් කලවාන රෝහලට ඇතුළත් කර ඇත.

අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ දී බවුසර් රථයට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි කලවාන පොලීසිය සැක පළ කරන අතර කලවාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන සිදු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *