ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසනවා.
ජාතික ජනබලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ ඒ මහතා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරයෙක් ලෙස ද කටයුතු කරනු ලබනවා.
බිමල් රත්නායක මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බිමල් රත්නායක අමාත්‍යවරයා යටතේ පවතින ආයතනවල සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ තෙවන සභාපතිවරයා බන්දුල දිලීප විතාරණ මහතායි.
මින් පෙර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන යන මහත්වරු සිය ධූරවලින් ඉවත් විය.