Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උපයන විට බදු (Paye Tax) ගෙවන ඔබට ලැබෙන සහනය

3 weeks ago 11.8 K

උපයන විට බදු ගෙවීම් සම්බන්ධයෙන් රජයේ නව ප්‍රතිපත්තිය ප්‍රශංසනීය බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

මෙමගින් සියලු ක්ෂේත්‍රවලට සැලකිය යුතු සහනයක් ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මාසික වැටුප රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ලැබු පුද්ගලයෙකු මීට පෙර ගෙවිය යුතු බදු මුදල රුපියල් 3500ක් වූ අතර රජයේ නව බදු සංශෝධනයට අනුව එම වැටුප සදහා කිසිදු බදු මුදලක් අය කරන්නේ නැහැ.

එමෙන්ම රුපියල් ලක්ෂ දෙකක වැටුපක් සදහා පෙර පැවති ක්‍රමවේදය අනුව රුපියල් දසදහස් පන්සියක බදු මුදලක් අය කළ අතර නව ක්‍රමවේදය යටතේ එම මුදල රුපියල් 3000 දක්වා අඩු වේ.

රුපියල් දෙලක්ෂ පනස්දහසක වැටුපක් සදහා පෙර පැවති බදු මුදල රුපියල් 21000කි.

නමුත් නව සංශෝධනයට අනුව එම වැටුපට අයවන බදු මුදල වන්නේ රුපියල් 8000ක් පමණි.

රුපියල් ලක්ෂ 3ක වැටුපක් ලබන පුද්ගලයෙකු මීට පෙර උපයන විට ගෙවු බදු මුදල රුපියල් 35,000ක් වූ අතර වර්තමානයේ ගෙවිය යුතු බදු මුදල රුපියල් 18,500කි.

රුපියල් ලක්ෂ 4 ක වැටුපක් වෙනුවෙන් මීට පෙර ගෙවු බදු මුදල රුපියල් 70,500ක් වන අතර නව ක්‍රමවේදය යටතේ එය රුපියල් 50000 දක්වා අඩු වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *