Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජූලී චන්ග් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට

3 weeks ago 1.4 K

ශ්‍රී ලංකාවේ ඇමරිකා තනාපතිනී ජුලී චන්ග් (Julie Chung) මහත්මිය අද (27) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප නිලධාරීන් හමු වූවාය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල ඇතුළු එජාප නිලධාරීහු මීට සහභාගී වූහ.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ඇමරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.

ඇමෙරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීන් අතර සිරිකොත දී පැවති සාකච්ඡාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

අදාළ සාකච්ඡා පැයකට වඩා වැඩි කාලයක් පවත්වා ඇති බව සඳහන්.

වත්මන් දේශපාලන තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව ඇය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *