Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තමන් ඇතුළු පිරිසට පැන වූ සම්බාධකවලට හිටපු නාවික හමුදාපති ප්‍රතිචාර දක්වයි

3 weeks ago 2.6 K

තමාට සහ අනෙකුත් හමුදා ප්‍රධානීන් දෙදෙනාට එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධක කිසිදු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසනවා.

මෙරට යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා කරමින් හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පනවන බවට ඉකුත්දා සිදුකළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

නිවේදනයක් නිකුත්කරමින් පසුගිය මාර්තු 24වනදා එක්සත් රාජධානිය පවසා සිටියේ, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මෙන්ම කලක් LTTE සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට සම්බාධක පැනවීමට පියවර ගත් බවයි.

ඒ අනුව පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාර ලෙස කරන්නාගොඩ මහතා පවසා සිටින්නේ, යුද පිටියේදී මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණුවලදී ද බාහිර මැදිහත්වීමකට එරෙහිව රට ආරක්ෂා කිරීමේදී ද ස්ථීරව සිටිමින් ඊට මුහුණදුන් තමන්ට එක්සත් රාජධානිය පනවා ඇති අයුක්ති සහගත සම්බාධකවලට මුහුණදීමට සිදුවී ඇති බවයි.

මෙම සම්බාධක කිසිදු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන අතර, ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ පුද්ගලයින් ඉලක්ක කරගනිමින් සිදුකරන ජාත්‍යන්තර බලපෑමක් බව ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර මෙවන් වාතාවරණයක නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිටිස් වොච් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී  ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය පසිඳලීම සඳහා ජාත්‍යන්තර පියවර ගත යුතු බවයි.

මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව එක්සත් රාජධානියේ තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (26) නිවේදනය කර සිටියා.

එමෙන්ම තිස් වසරක යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ තමා බවත් එක්සත් රාජධානිය මෙලෙස සම්බාධක පැනවීම හෙළා දකින බවත්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *