Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් දැරිය දූෂණය කළ පාසල් සිසුන් ඇතුළු සැකකරුවන් 7 දෙනාට අධිකරණයෙන් දුන් නියෝගය

3 weeks ago 7.9 K

පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළු හය දෙනෙකු ලබන 11 වැනි දින තෙක් මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයෙහි පරිවාස ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරුවන් හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හෝමාගම මූලක රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරුවන් හත් දෙනා අතුරින් තිදෙනෙකු දැරිය දූෂණයට ලක් කිරීම සහ අනෙකුත් සිව් දෙනා සිද්ධියට අනුබල දීම යන චෝදනා යටතේ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී හෝමාගම මූලස්ථාන පොලීසිය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත මානවඩු මහතා අධිකරණය වෙත කරුනු දක්වමින් පැවසුවේ ලිංගික අතවරයට පත් දැරිය තවදුරටත් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් නොවන බැවින් සැකකරුවන් රක්ෂිත එළැඹෙන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා බාල වයස්කාර සැකකරුවන් හය දෙනා මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානය වෙතත් 19 හැවිරිදි තරුණයා බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *