Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ටියුෂන් ගුරුවරුන්ගේ ආදායම ගැන පළමුවරට අනාවරණය වෙයි! වාර්ෂිකව ඇස් උඩ යන ආදායමක්!

3 weeks ago 14.1 K

උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් විසින් වාර්ෂිකව රුපියල් කෝටි 21,000ක් (රුපියල් බිලියන 210ක්) උපයනු ලබන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාද් උපාධි අංශයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා හෙළිකර තිබේ.

මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව මේ ගණනය කිරීම් හෙළිව ඇති බවත්, නගරාශ්‍රිතව සිදු කරනු ලබන ඒක පුද්ගල හෝ කුඩා කණ්ඩායම් පන්ති අය කිරීම් මීට ඇතුළත් නොවන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. 

මෙහිදී 3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යත්ව දරුවන්ගෙන් කෝටි 3,500ක ආදායමක් උපකාරක පන්ති ආචාර්යවරුන් උපයා ගන්නා බවත්, අපොස සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් කෝටි 9,400ක ආදායමක්ද උසස් පෙළ සිසුන්ගෙන් රුපියල් කෝටි 8,000ක ආදායමක්ද උපයන බවත් අනාවරණය වී තිබේ.

මේ ඇතැම් උපකාරක පන්ති රාත්‍රී 12.00ට ආරම්භ කරනු ලබන අතර, එය දරුවන්ගේ මානසිකත්වයට හා ශරීර සෞඛ්‍යයටද විශාල හානියක් බවද පෙන්වා දෙන මහාචාර්යවරයා පැවසුවේ මෙලෙස උපයාගන්නා අතිවිශාල මුදල් කිසිදු බදු ක්‍රමයකට අයත් නොවන බවයි.

මූලාශ්‍රය – සිළුමිණ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *