දෙහි යුෂවල විටමින් C, B-6, E, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබෝෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, පොස්පරස්, පැන්තෝතෙනික් අම්ලය, සිට්‍රික් අම්ලය, යුරික් අම්ලය, ප්‍රෝටීන හා සිනෝලිකා නම් රසායනික කාණ්ඩයට අයත් ‘ප්ලැමනොයිඩ්’ නමැති රසායනය අඩංගුයි.
දෙහි යුෂ පානයෙන් ලැබෙන ගුණ
1. පිපාසය සංසිදුවන, සිරුරේ විඩාව නැති කරවන ඖෂධයක් වගේම වාත, පිත්ත, සෙම් නැති කරනවා. කෑම රුචිය වඩනවා, පණු රෝග නැති කරනවා.
2. උදෑසන දෙහි යුෂ මුසු,මද උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.
3. ශරීර උෂ්ණත්වය අඩු කිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝගා බාධ පාලනය කිරීමේ බලයක් ඇත.
4. සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට, පණුවන්ට හා බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත.
5. සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරනවා.
6. ආහාර රස ගන්වනවා.ආහාර වල අඩංගු යකඩ පෝෂක
උරාගැනීමේ හැකියාව තිබෙනවා. (කොළ මැල්ලුමට සළාදයට හැම විටම දෙහි යුෂ දමන්නේ ඒ නිසයි.)
7. දෙහි යුෂ වල PH 2.00ක ඇති ආම්ලිකතාව නිසා, ආමාශ ගත වූ සැනින් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා.
8. ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වමනය, පාචනය, ඉක්කා වැනි රෝග වලට දෙහි යුෂ ඉතා ගුණදායකයි.
9. සමේ සෛල පණ ගන්වා සම ආරක්ෂා කරනවා. කුෂ්ඨ, විසප්පු, ඉදිමුම් වලට ගුණදායකයි.
10. ස්වභාවික බ්ලිචින් එකක් ලෙස ක්‍රියාකරන නිසා දෙහි යුෂ පානයෙන් සම පැහැපත් කර ගත හැකියි.
11. කුරැළෑ, ලප, කැළැල් වලට එරෙහිව ක්‍රියාකරනවා.
12. හිස්සොරි නිසා ඇතිවන ආසාදන සුව කරනවා.
13. දෙහි යුෂ හදවතට හිත කරයි. පොටෑසියම් සංචිත හා එක්ව රුධිර නාළ වල මේද තැන්පත් වීමට එරෙහිව ක්‍රියාකරනවා.
14. අධික රුධිර පීඩනය හා ආශ්‍රිත හෘද රෝග පාලනය කිරීමේ ගුණයෙන් යුක්තයි.
15. කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා කරනවා.
16. ඇමෙරිකානු දියවැඩියා සංගමය පවසන්නේ රුධිර ගත සීනි පාලනය කිරීමේ හැකියාව ඇති බවයි.
17. දෙහි යුෂ වලට සිරුරේ නිපදවන ග්ලුකෝස් එසැනින් උරාගැනීමට හැකියාව ඇත.
18. සිටි්‍රක් අම්ලය ඇති නිසා මූත්‍රාශයේ ගල් දිය කිරීමේ ගුණය ඇත.
19. යුරික් අම්ලය ඇති නිසා සන්ධි ඉදිමීම් හා වේදනා පාලනය කිරීමේ ගුණය ඇත.

IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක