පිළිගත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය නිර්දේශයකින් තොරව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකින් ලබාගත් ඖෂධයක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි සිව් දරු මවක් බව රුවන්වැල්ල පොලීසිය පැවසීය.
පසුගිය 05 වැනිදා අදාළ කාන්තාව සිය සැමියා සමග අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකට ගොස් දරු ගැබ ඉවත් කිරීම සඳහා ඖෂධයක් ඉල්ලා ඇති අතර පසුව එම ඖෂධ සැලෙන් ශරීරයට ඇතුල් කිරීම සඳහා මෙන්ම පානය කිරීම සඳහාද ඖෂධ කරලක් මෙන්ම පෙති තුනක්ද ලබා දී තිබේ.
එම පෙති පානය කිරීමත් සමග අදාළ කාන්තාව අසාත්මික තත්ත්වයකට පත් වීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ඉල්ලා ඇතත් එම අවස්ථාවේදී එම වෛද්‍ය මධ්‍යස්ථානය ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර අදාළ කාන්තාවට වහාම රජයේ රෝහලට ඇතුළත් වෙන ලෙස දන්වා තිබේ.
ඒ අනුව ප්‍රතිකාර සඳහා එම ගැබිනි කාන්තාව අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 06 වැනි දින හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ කාන්තාව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම කාන්තාව පානය කර තිබූ විෂ සහිත ඖෂධය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිගමයකින් තොරව පානය කිරීමට අවසර නොමැති බවත් එවන් ඖෂධයක් ලබා ගැනීම සහ නිකුත් කිරීම දෙපාර්ශ්වයම සිදුකළ වරදක් බවත් මෙහිදි අනාවරණය වී ඇත.
මියගිය කාන්තාවගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකර ඇති අතර මෘද දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත සෙනෙවිරත්න මහතා විසින් සිදුකර තිබේ.
එහිදී නිකුත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය කාන්තාවගේ සහ තෙමස් බිළිඳු කලලයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දීමට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීන්දු කර තිබේ.
(source – adaderana)

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි