Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 34කට පසු ජනතාවට විවර වූ යාපනයේ මාර්ගය

2 weeks ago 2.4 K

යුද්ධය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කර තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුදහමුදාව විසින් පියවර ගෙන තිබුණි.

යාපනය පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා ඇති කිලෝ මීටර් දෙකහමාරක දුර මාර්ගය මෙසේ විවෘත කෙරිණි.

පලාලි යුදහමුදා කඳවුරේ ඇති අධිආරක්ෂිත කලාපය හරහා ඇති මෙම මාර්ගය විවෘතව තැබීමෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු ඉතා පහසු වෙයි.

මීට පෙර එම මාර්ගය යාපනය සිට විවෘත කර තිබුණේ වසාවිලන් ප්‍රදේශය දක්වායි.

කෙසේ වෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිලිපැදිය යුතු කොන්දේසි 07ක් පමණ යුද හමුදාව විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව ඡායාරූප ගැනීම හෝ පටිගත කිරීම, වාහන නතර කිරීම ද තහනම් වේ.

මේ අතර, ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 40ක් බව ද දැනුම් දී ඇත.

මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 06 සිට සවස 5 දක්වා කාලය දක්වා පමණි.

මාර්ගය ආරම්භක ස්ථානයේ මෙම නීතිරීති සඳහන් කරමින් දැන්වීම් පුවරුවක් සවිකර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් නීතිරීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පිවර ගන්නා බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *