Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළාත් පාලන ඡන්දයේ අපේක්ෂකයින් රොත්තක් පොලිස් අත්අඩංගුවට

2 weeks ago 2.6 K

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 128ක් ලැබී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ ඊයේ (09) දිනයේ ද අපරාධමය පැමිණිලි දෙකක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 3ක් ලැබී ඇති බවය.

එම සිදුවීම් වලට අදාළව දේශපාලන පක්ෂ ආධාරකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව මාර්තු මස 03වනදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 128ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 13 දෙනෙකු සහ ආධාරකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 11ක් ද පොලිස් භාරට ගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *