ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ, අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙනි.
එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, ටෝකන් පත් නිකුත්කිරීම එම දිනවල මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවට එහි සඳහන් වේ.