Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඩු වයසින් හෘද රෝග වැළඳීමේ සම්භාවිතාවය ඉහළට! හෘද රෝග වළකා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන ජනතාවට උපදෙසක්!

2 weeks ago 10.2 K

අඩු වයසින් හෘදයාබාධ සහ හෘදය ආශ්‍රිත රෝග වැළඳී පුද්ගලයින් මිය යාමේ වැඩි අවදානමක් පවතින බවට මේ වන විට හෙළිවී තිබෙනවා.

පසුගිය වසරේ පමණක් හෘද රෝග වැළඳී පුද්ගලයින් 7777දෙනෙකු මියගොස් ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහම් ප්‍රකාශ කරන්නේ.

ඇය සඳහන් කළේ වයස අවුරුදු18ත් – 45ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් බොහෝ පිරිසක් හෘදය ආශ්‍රිත රෝග වැළඳීමෙන් මියගොස් ඇති බව‍යි.

බොහෝ අවස්ථාවල සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාවල් නොසලකා හැරීම සහ තෙල් සහිත ආහාර ගැනීම මෙලෙස වැඩි වශයෙන් හෘදයාබාධ ඇතිවීමට හේතු වී ඇති බව වෛද්‍යවරු පවසනවා.

හැකි සැම විටම ව්‍යායාම කිරිමට සෑමදෙනාම උනන්දු වුවහොත් හෘදයාබාධ වැළඳීම වලක්වාගත හැකි බවද වෛද්‍යවරු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *