අද (11) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පෙරවරුවේ අනුරාධපුරය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වැඩිදුරටත් පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ අවස්ථාවක් ඇති එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මේ අතර මේ දිනවල දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන්කරන බැවින් අද දිනයේ ද ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව වැෆිදුරටත් සඳහන් කළේ, අද දහවල් 12:11ට මානින්ගමුව, රඹෑව, කහටගස්දිගිලිය, ඊතලවැටුන වැව සහ මුතුර් යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි.