ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙන බවයි.
රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරායොමුවීම හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ යමින් තිබේ.
මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇත.
කොළඹ රන් වෙළෙඳපොළ අද (11) ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000ක් දක්වා ඉහළගොස් තිබේ.

ලෝක කුසලාන ශුරයින්ට ලැබෙන තෑගි මුදල මෙන්න
රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළ් පනතකට ආණ්ඩුවෙන් සංශෝධන
වාහනයක් මිලට ගන්න ඉන්න ඔබට සුබ ආරංචියක්! කොමර්ෂල් බැංකුවෙන් නම්‍යශීලී ලීසිං පහසුකම්!
පැතුම් නිස්සංකගේ තැන කුසල් මෙන්ඩිස්ට
ශ්‍රී ලංකාවට ජය ගෙන ආ කමිඳු මෙන්ඩිස් කී කතාව
කැනඩාවේදී ලාංකිකයෙක් අත්අඩංගුවට
යුද හමුදා සාජන් මේජර්වරයකු වෙඩි තබාගෙන මරුට
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීමට ඉන්දීය දූත පිරිසක් දිවයිනට
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
මහ බැංකුව සතු සංචිත පහත වැටෙයි
වනිඳුට MRI ස්කෑන් පරීක්ෂණයක්! වෙනත් ක්‍රීඩකයෙක් සංචිතයට කැඳවයි!
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් කල්යයි