එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පෙරේදා (09) පැවැත් වූ අතර, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්‍පතට සංශෝධන එක්වූවා.
අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මකයි.