Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත් අවුරුදු කෑම මේසයේ වියදම වැඩි වෙලා

2 weeks ago 1.6 K

මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල, අමතර දත්ත සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර පදනම් කරගනිමින් ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර තිබෙන බව පැවසෙනවා.

කිරිබත් කෑලි 10ක්, කෙසෙල් කිලෝග්‍රෑම් 1ක්, අලුවා කෑලි 15ක්, කේක් කිලෝග්‍රෑම් 1ක්, දොදොල් කිලෝග්‍රෑම් 1ක්, කොණ්ඩ කැවුම් 20ක්, මුංකැවුම් 15ක් සහ කොකිස් 20ක මිල ගණන් මත මෙම සමීක්ෂණයට සිදුකර තිබුණා.

කෙසේ වෙතත් මෙවර අලුත් අවුරුදු සමයේදී රසකැවිලි ඉල්ලුම පහළගොස් ඇති බව රස කැවිලි නිෂ්පාදකයින් පෙන්වා දෙනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අමුද්‍රව්‍ය මිලට සාපේක්ෂව රස කැවිලි මිල ගණන්ද ඉහළ යාම නිසා ඊට ඇති ඉල්ලුම පහළ ගොස් ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *