Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

1 week ago 2.9 K

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාළිකාවක් මඟින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම වීඩියෝව මඟින් දන්වා ඇත්තේ විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙසයි.

එවැනි නිවේදනයක් කාර්යාංශය මඟින් කිසිදු අවස්ථාවක නිකුත් කර නොමැති බවයි කාර්යාංශය දැනුම් දෙන්නේ.

එමෙන්ම මෙවැනි වංචනික ක්‍රියා සඳහා හසුනොවන ලෙසයි කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙය විගමණික ප්‍රජාව නොමඟ යැවීමේ චේතනාවෙන් සිදුකරන ප්‍රචාරයක් පමණක් බවයි එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබෙන්නේ

එමෙන්ම රජයේ නිල නිවේදන ප්‍රචාරය කිරීම සඳහා මෙවැනි සමාජ මාධ්‍ය වෙත බලය පවරා නොමැති අතර, ඉදිරියේදී මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

කාර්යාංශයේ නිල නිවේදන පිළිගත් ජනමාධ්‍ය, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය, Facebook, Youtube හා Tiktok මාධ්‍යයන් හරහා පමණක් සිදුකරන බවද කාර්යාංශය වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *