එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන්ට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට නයිට් පදවියක් පිරිනැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
42 හැවිරිදි ඇන්ඩර්සන් පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියේ කඩුලු 704ක් ලබා ගනිමින්, එහි වඩාත්ම සාර්ථක වේග පන්දු යවන්නා බවට පත් කරමින්.
2003 මැයි මාසයේදී ඔහුගේ ප්‍රථම ටෙස්ට් තරගයට පෙර 2002 දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගයකදී එංගලන්තය වෙනුවෙන් පළමු වරට පෙනී සිටියා.
දශක දෙකකට අධික කාලයක් පුරා පැවති ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් 188ක්, එක්දින තරග 194 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 19ක් ක්‍රීඩා කර තිබෙනවා.
හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ මොහුට මෙසේ නයිට් පදවියක් පිරිනමා තිබෙනවා.