Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පල්සර් මෝටර් සයිකල් මාදිලි 03ක් මෙරට වෙළෙඳපොළට

2 weeks ago 4.4 K

ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රවාහන මාධ්‍ය සැපයුම්කරු ලෙස වසර 40ක විශ්වාසය සහිත මෙරට විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා බජාජ් පල්සර් මෝටර් සයිකල් මාදිලි 03ක් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී, පල්සර් N125, පල්සර් N160 Premium සහ පල්සර් NS200 USD මෝටර් සයිකල් මෙරට වෙළෙඳපොළට එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණු අතර එය ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරට පැවැත්වුණු විශාලතම මෝටර් සයිකල් එළිදැක්වීමේ අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.

නවීන තාක්ෂණය, උපරිම ආරක්ෂාව සහ ඉහළම ක්‍රියාකාරිත්වය සහිත මෙම මෝටර් සයිකල් මාදිළි ශ්‍රී ලංකාවේ මෝටර් සයිකල් ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් වනු ඇත. පල්සර් N125 හැරුණු කොට මෙම සියලු මාදිළි ABS බ්‍රේක් පද්ධතියකින් සමන්විත වන අතර upside-down ඉදිරිපස ෂොක් ඇබ්සෝබර්ස් හරහා උපරිම සුවපහසුවක් මෙන්ම ආරක්ෂාවක් තහවුරු කරනු ලබයි. ඒ අනුව මෙම කාණ්ඩයේ හොඳම යතුරුපැදි එකතුව ලෙස මෙම මාදිළි හැඳින්විය හැකිය.

ලෝකය පුරා එහි නිමැවුම, බලය සහ ක්‍රියාකාරිත්වය අතින් සුප්‍රසිද්ධියට පත්වී ඇති පල්සර් මෝටර් සයිකල් තාරුණ්‍යයේ ජීවන රටාවට ගැළපෙන පරිදි විශේෂයෙන් නිර්මාණය වී ඇති අතර මෙරට මෝටර් සයිකල් ධාවකයන්ට සුවිශේෂී අත්දැකීමක් ගෙන දෙන මෝටර් සයිකලයක් ලෙස හැඳින්විය හැකිය.

මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් පල්සර් මෝටර් සයිකල් දැන් දිවයින පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම 200කට අධිකවූ ඩීලර්වරුන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.

එසේම දිවයින පුරා පිහිටි 1300කට අධික ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සේවා සහ අමතර කොටස් ජාලය හරහා සමකළ නොහැකි අලෙවියෙන් පසු සේවාවද මෙරට බජාජ් පාරිභෝගිකයන්ට හිමිවන තවත් වාසියකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *