Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිලියන ගණනක මුදලක් සහිත බැංකු ගිණුමක් සම්බන්ධයෙන් යෝෂිතට හා ඩේසිට යළිත් අධි චෝදනා

2 weeks ago 2.2 K

යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වෙනවා.

උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59 ක හවුල් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්  මෙලෙස අධිචෝදනා ගොනු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්  යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මින් පෙරද අධි චෝදනා ගොනු කර තිබුණා.

දල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එලෙස චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ පසුගිය අප්‍රේල් 4 වැනිදා නියම  කළා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර එහිදී භාර දෙනු ලැබූ අතර ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *