නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අනුයුක්තව රාජකාරී කටයුතුවල නිරතව සිටි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයින් අප්‍රේල් මස 01 වැනිදා සිට එම රාජකාරිවලින් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
මීට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ ගිනි නිවීමේ ඒකකය අතර ගිවිසුම් කාල සීමාව අවසන් වී වීම සහ එම ගිවිසුම් කාල සීමාව යළි අලුත් කිරීමට බලාගාරයේ පාලනාධිකාරිය කටයුතු නොකිරීම මීට හේතුව බව වාර්තා වී ඇත.
ඒ අනුව මේ සම්බන්ධව ගිනි නිවීමේ ඒකකයේ සේවකයින් සිය මූලස්ථානය දැනුවත් කර ඉන් ඉවත්ව ගොස් තිබේ.
කෙසේ වෙතත් නොරොච්චෝලේ පාලනාධිකාරිය විසින් එහි සේවයට යොදවා ඇති සේවකයින් සංඛ්‍යාව අඩු කරන ලෙස දැනුම් දී ඇති බවය්
ඒ අනුව 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩාමක් ගිවිසුම් අවසන් වීමට ප්‍රථම එහි සේවයට යොදවා සිටියද එම සංඛ්‍යාව 10ක් දක්වා අඩු කිරීමට පාලනාධිකාරිය දැනුම් දී ඇති බව සඳහන්ය.
මෙය ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බවත් ප්‍රමිතියට අනුකූල නොවන බවත් ගිනි නිවන දෙපාර්තමේන්තුව නොරොච්චෝල පාලනාධිකාරිය දැනුම් දී තිබේ.
කෙසේ නමුත් ගිනි නිවීමේ ඒකකය හිස්වීමට පිළියමක් ලෙස අදාළ ගිනි නිවීමේ ඒකකය බලාගාරය තුළ කටයුතු කරන සමයේදී පුහුණු කරනු ලැබූ අදාළ බලාගාරයේ සේවකයින් එම කටයුතුවලට යොදවා ඇතැයිද එය මෙවැනි බලාගාරයක් තුළ දැඩි අවදානම් ක්‍රියාවක් බවද එම ආරංචි මාර්ග පවසයි.
මේ හේතුවෙන් යම්කිසි හදිසි අවස්ථාවක් මතු ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා ආසන්නම ගිනි නිවීමේ ඒකකය වන මීගමුව පිහිටි ගිනි නිවීමේ ඒකකය කැඳවීමට සිදුවන අතර එහෙත් එහි ඇත්තේ කුඩා ඒකකයක් බවත් ඔවුන්ට බලාගාරය වෙත පිවිසීමට විනාඩි 15කට ආසන්න කාලයක් ගතවන බවත් වාර්තා වේ.
එමෙන්ම එය ප්‍රමාණවත් නොවුණහොත් ඒ සඳහා කැඳවිය හැක්කේ කොළඹ පිහිටි ගිනි නිවීමේ රථ වන අතර ඔවුන් නොරොච්චෝලේ බලාගාරය වෙත පැමිණීමට පැයකට ආසන්න කාලයත් ගතවනු ඇති බවත් සඳහන් වේ.
මේ හේතුවෙන් අදාළ බලාගාරය තුළ මේ වන විට පුහුණුව ලත් ගිනි නිවීමේ ඒකකයක් නොමැති පසුබිමක හදිසි අවස්ථාවකදී කටයුතු කිරීම සඳහා සුදුසුකම්ලත් පාර්ශ්වයන් කිසිවෙකු නොසිටීම බලාගාරය දැඩි අනතුරුදායක තත්ත්වකට ගෙන යනු ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.
(source – adaderana)

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට