පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව තීරණය කර තිබෙනවා.
මෙසේ කල් ලබා දී ඇත්තේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභා වලින් ලබා දුන්, ක්‍රියාත්මක නොවුණු නිර්දේශද ක්‍රියාත්මක කිරීමටයි.
අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
එහිදී, කාරක සභාව මගින් ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති අතර මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් 09 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය වී තිබුණා.
ඒ අනුව, ක්‍රියාත්මක නොවුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපි යොමු කිරීමටත්, මසක් තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකිනම් ඊට හේතු කාරණා, ලිඛිතව කාරක සභාව වෙත ලබාගැනීමටත් තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි කාලගුණය යළි දරුණු වෙයි
කළුඅග්ගල කන්ද නායයෑමේ අවදානමක්! පවුල් 100ක් වහාම ඉවත් කරයි!
සහන බෙදන්න ගෙනාපු වතුර බෝතල් හොරකම් කරලා විකුණලා
විදෙස් කතක් කටුනායක ගුවන් තොටේදී දරු ප්‍රසූතියක් සිදු කරයි
මන්ත්‍රී අර්චුනා කැබ් රථය පිනට දෙයි
මගී ජීවිත අනතුරේ හෙළා ගංවතුර හරහා ගමන් කළ බස් රියැදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදී
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඩොලරය සුළු වශයෙන් පහළට
ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක්?
පාසල් රැසක් 16 වෙනිදා ආරම්භ කිරීමට නොහැකි වන ලකුණු
දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වල යන්න අවස්ථාව
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිව්රුම් දෙයි