කොටහේන – බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී සැක කටයුතු මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ, මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින්.
ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු සිය ගැබිණි බිරිද සහ මව සමග ආහාර මිලදී ගැනීම සදහා කොටහේන වීදියේ පිහිටි අවන්හලක් වෙත පැමිණ තිබෙනවා.
පසුව ඔහු පණ ගන්වා තිබූ මෝටර් රථය තුළ බිරිඳ සහ මව සිටියදී අසල පිහිටි අවන්හලක් වෙත ගොස් ඇත්තේ ආහාර මිලදී ගැනීම සදහායි. එම අවස්ථාවේ පුද්ගලයෙකු පැමින බිරිඳ සහ මව සමගම පණ ගන්වා තිබූ මෝටර් රථය පැහැරගෙන ගොස් තිබෙනවා.
එහිදී විමර්ශන කටයුත්තක් සදහා එම ප්‍රදේශයට පැමිණ සිටි මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් පිරිසකට මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබුණා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු පොලිස් නිලධාරීන් පලා යමින් තිබූ කාර් රථය පසුපස ලුහුබැඳ ගොස් එය නැවත්වීමට සංඥා කර ඇත.
නමුත් සැකකරු විසින් පොලිස් අණ නොතකා තවදුරටත් මෝටර් රථය ධාවනය කිරීමේදී පොලිස් නිලධාරින් විසින් රාජකාරි පිස්තෝල අවියකින් වෙඩි පහරවල් දෙකක් තබා ඇති අතර කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී කාර් රථය නතර කර ගැනීමට සමත්වී තිබේ.
නිලධාරින් කාර් රථය අසලට යන අවස්ථාවේදී සැකකරු මෝටර් රථයෙන් බැස පලාගොස් තිබේ.
කාර් රථය තුල සිටි කාන්තාවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.