අභිෂේක් ශර්මාගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමඟ ඊයේ රාත්‍රියේ පැවති තරගය කඩුලු 08කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග අයි.පී.එල් වරම් හිමිකර ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී 245ක් රැස් කළා.
මෙහිදී එෂාන් මාලිංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 45ක් ලබාදෙමින් කඩුලු 02ක් දවාගැනීමට සමත් වුණා.
ලකුණු 246ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි හයිද්‍රාබාද් ආරම්භ පිතිකරුවන් යුගලය වන අභිෂේක් ශර්මා සහ ට්‍රාවිස් හෙඩ් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 171ක දැවැන්ත සබඳතාවක් ගොඩනැඟුවා.
ට්‍රාවිස් හෙඩ් පන්දු 37ක් තුළ ලකුණු 66ක් රැස් කළ අතර, අභිෂේක් ශර්මා පන්දු 40 කදී ශතකයට්ට් සම්පූර්ණ කළා.
පන්දු 40ක් තුළ රැස්කළ මෙම ශතකය වාර්තා අතරට එක් වුණේ මෙවර තරගාවලියේ මේ දක්වා පිතිකරුවෙක් රැස්කළ දෙවන වේගවත්ම ශතකය ලෙසටයි.
ඔහු සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් පන්දු 55කට මුහුණ දෙමින් ලකුණු 141ක් රැස් කිරීමට සමත් වුණා.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 247ක් රැස්කරමින් මෙම තරග ජයගත්තා.
IPL ඉතිහාසයේ දෙවන සාර්ථකම හඹා යෑම ලෙසද මෙය වාර්තා පොත් අතරට එක් විය.
එමෙන්ම අභිශේක් ෂර්මාගේ ඉනිම වාර්තා පොත් අතරට එක් වූයේ IPL ඉතිහාසය තුළ ඉන්දීය පිතිකරුවෙක් විසින් එක් ඉනිමක් තුළ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.