Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දැඩි කතාබහක් නිර්මාණය කළ මුස්ලිම් තරුණයාගේ අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

2 weeks ago 5.6 K

මුස්ලිම් ජනතාවගෙන් වැඩි දෙනා ප්‍රතික්ෂේප කරන කුඩා අන්තවාදී කණ්ඩායම්වල නැවත ඇතැම් ක්‍රියාකාරකම්වල නියැලෙන බවට වාර්තා ලැබී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පසුගියදා (12) කින්නියා ප්‍රදේශයේ පැවති ජනතා රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මුළු මහත් සමාජයම මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයෙන් බැලීමට පටන් ගත් බවත් මුස්ලිම් ජනතාව ලැජ්ජාවට පත් වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මෙවැනි කණ්ඩායම් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණත් ඒවා නොසලකා හැරීම හේතුවෙන් මුස්ලිම් සමාජයම අපහසුතාවයට පත් වූ බවයි.

මෑතකදී ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකරයක් ඇලවූ චෝදනාවට අත්අඩංගුවට ගත් තරුණයා එවකට සහරාන්ගේ කණ්ඩායමේ සිටි අතැම් අය සමඟ ගනුදෙනු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *