අබුඩාබියේදී අද ඇරඹුණු ශ්‍රී ලංකාවේ,ඇෆගනිස්තානයේ සහ අයර්ලන්තයේ ඒ ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 45 ක ජයක් ලබන්නට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය ලැබ අයර්ලන්ත ඒ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 264 ක් රැස් කරන්නට සමත් වුණා.
මෙහිදී අගනා ඉණිමක් ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ කඩුලු 3 ක් දැවෙමින් තිබුණ අවස්ථාවේ පිටියට පිවිස නවවන කඩුල්ල ලෙස දැවෙන තෙක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 78 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉණිමේ ජීවය බවට පත් වුණා.පසුපෙළ පිතිකරුවන්ගෙන් යම් ආකාරයක සහයක් ලැබුණ ද ඒ අතරින් වඩාත් කැපී පෙණුනේ තරිඳු රත්නායක රැස් කළ ලකුණු 35 යි.
පිළිතුරු ඉණිමට පිවිසි අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් දෙවන කඩුල්ල සඳහා සෑම් ටොපින් (39) සහ කඩ් කාර්මිකල් (37) ලකුණු 81 ක් රැස් කරන්නට සමත් වුව ද දුෂාන් හේමන්ත පන්දු යැවීමට කැඳවීමෙන් පසුව තත්ත්වය වෙනස් වන්නට ගත්තා.දුෂාන්ටත් වඩා පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට හිසරදයක් වූ තරිඳු රත්නායක දුෂාන් ලකුණු 51 ට කඩුලු 4 ක් දවා ගනිද්දි ලකුණු 24 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගනු ලැබුවා.
ලකුණු 159 ට කඩුලු 8 ක් දැවී ලැබූ ජයට වඩා විශාල ජයකට ශ්‍රී ලංකාවට මාවත විවරව තිබියදී නවවන කඩුල්ලට අයර්ලන්තය වෙනුවෙන් ජයග්‍රහණය ප්‍රමාද කරමින් ජොර්ඩන් නේල් (නොදැවී 38) සහ තෝමස් මේයස් (25) ලකුණු 52 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.
මේ ජයග්‍රහණය වෙනුවෙන් හුදෙකලාව පිත්තෙන් සටනක් කරමින් හොඳ ලකුණු පූවරුවක් ලබා දෙමින් සහ පිත්තෙන්ද ලකුණු 15 ට කඩුලු 1 ක් දවා ගත් සහන් ආරච්චිගේ තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබුවා.ආරච්චිගේට පිත්තෙන් මනා සහයක් දීමට අමතරව ලකුණු 21 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වූ තරිඳු රත්නායක ද මේ ජයග්‍රහණයේ සුපිරි වීරයෙක් වූ බව සටහන් කළ යුතුමයි.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්