Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් නැවතත් කළ ඉල්ලීම

2 weeks ago 1.7 K

වහල මත සවිකර ඇති සූර්යබල පද්ධතිය තාවකාලිකව නවතා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඊයේ (13) පස්වරුවේ යළිත් ඉල්ලීමක් කළා.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, අප්‍රේල් 21වනදා දක්වා සෑම දිනකම පෙ.ව. 9 සිට ප.ව. 3 දක්වා ස්වේච්ඡාවෙන් තම පද්ධති අක්‍රියකරන ලෙසයි.

එමෙන්ම මේ පිළිබඳ සිහි කැඳවීමක් ලෙස සූර්ය බලශක්ති හිමිකරුවන්ට  SMS පණිවුඩයක් මගින්ද දැනුම්දෙන බවද විදුලිබල මණ්ඩලය පවසනවා.

අවුරුදු නිවාඩු කාලය තුළ පාරිභෝගික ඉල්ලුම අවම මට්ටමක පවතින අවස්ථාවක අව්ව සහිත තත්වයන් තුළ වහල උඩ සූර්ය බලශක්තියේ ඉහළ නිෂ්පාදනයක් ඇතිකරන අතර, එමගින් ජාලක ස්ථායිතාව බරපතළ අවදානමකට ලක්වන බව එම මණ්ඩලය පෙන්වා දෙනවා.

විදුලිබල මණ්ඩලය පවසන්නේ, මෙලෙස විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන විට සහ හිරු එළිය බහුල වනවිට ශ්‍රී ලංකාව පමණක් නොව ලොව ඕනෑම රටක් මෙම අභියෝගයට මුහුණදීමට සිදුව බවයි.

 ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් සූර්යය පැනල එම කාලසීමාව තුළ අක්‍රිය කරන ලෙස විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *