අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා
මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබෙන අතර ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගෙන රටත් ජනතාවත් ප්‍රගතිය වෙත රැගෙන යාම අප සියලුදෙනා සතු සාමූහික වගකීමක් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එවැනි අවස්ථාවල පටු මතවාදවල එල්ලී සිටීම නොකළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් පෙන්වා දෙන්නේ.