අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා 17 හැවිරිදි ආයුෂ් මැත්රේ කැඳවා තිබෙනවා.
ඒ ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවටයි.
මැත්රේ, රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබයි.
ඔහු මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ පළමුපෙළ තරග 09ක් පමණක් වන අතර, එහිදී ශතක 02ක් සහ අර්ධ ශතකයක් රැස්කර තිබේ.
චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් අබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් චෙන්නායි පිළේ නායකත්වයට හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පත් කෙරුණා.