අතිශය ජනාකීර්ණ සහ රථ වාහන බහුල ප්‍රදේශයක් වන කොළඹ – හයිලෙවල් මාර්ගය අවහිර කරමින් මහජනයා අපහසුතාවය පත් කරන අන්දමින් මොටර් රථ තරඟයක් පැවැත්වීම සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම යන වරදවල් සමබන්ධයෙන් තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.
මෙම පිරිස සිංහල හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය තුළදී මෙම තරගය පවත්වා ඇත්තේ හෝමාගම – ගලවිලවත්ත ප්‍රදේශයේදියි.
මාර්ගයේ තවත් රථ වාහන ධාවනය වෙමින් පැවති පසුබිමක දී මෙම සැකකාර තරුණයින් එක්ව සිය මෝටර් රථ අධික වේගයෙන් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බවද වාර්තා වනවා.
අවසරයකින් තොරව මෙවැනි තරගයක් සංවිධානය කළ අය පිළිබඳව මෙන්ම තරඟයට සහභාගී වූ අය පිළිබඳව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ