Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවුරුදු උත්සව පැවැත්වීමේදී සැලකිලිමත් වන ලෙස උපදෙස්

1 week ago 1.3 K

මේ දිනවල අවුරුදු උත්සව සහ අවුරුදු ක්‍රිඩා පැවැත්වීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දිවයිනේ ප්‍රදේශ බොහොමයක උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යාම ඊට හේතුවයි.

විශේෂයෙන්ම උතුරු උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මෙම අධික උෂ්ණත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙලෙස මිනිස් සිරුර වැඩි වෙලාවක් උණුසුමට නිරාවරණය වීමෙන් විජලනය, මස්පිඩු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාතතත්ත්ව ඇතිවිය හැකි බවත් වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙසේ අධික උෂ්ණත්වයක් පවතී නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කර සෙවණ ඇති ස්ථාන වල රැඳෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *