පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධව දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ අදාළ ඡන්ද විමසීම සඳහා භාර දෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙසය.
ඒ අනුව අදාළ පක්ෂවල ලේකම්වරු හෝ බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධව දැනුවත් කර තිබේ.
උප්පැන්න සහතික සාම විනිසුරුවරුන් විසින් සහතික කරනු ලැබීම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛන යටතේ සිදුකළ දිවරුම සම්බන්ධයෙන් ඇති වූ ගැටළු මත විවිධ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වී තිබුණි.
මෙම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේය.
ඒ අනුව එම පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය නියෝග කරමින් අදාළ කොට්ඨාසවල තේරීම් භාර නිලධාරීන්ට නැවත එම නාමයෝජනා පත්‍ර භාර ගන්නා ලෙස නියෝග කළේය.
ඒ අනුව එම නාමයෝජනා සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති දේශපාලන පක්ෂ වෙත එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබා දෙන ලෙස එම කොමිෂන් සභාව අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල බලයලත් නිලධාරීන් ගෙන් ඉල්ලා තිබේ.

සහන බෙදන්න ගෙනාපු වතුර බෝතල් හොරකම් කරලා විකුණලා
විදෙස් කතක් කටුනායක ගුවන් තොටේදී දරු ප්‍රසූතියක් සිදු කරයි
මන්ත්‍රී අර්චුනා කැබ් රථය පිනට දෙයි
මගී ජීවිත අනතුරේ හෙළා ගංවතුර හරහා ගමන් කළ බස් රියැදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදී
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඩොලරය සුළු වශයෙන් පහළට
ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක්?
පාසල් රැසක් 16 වෙනිදා ආරම්භ කිරීමට නොහැකි වන ලකුණු
දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වල යන්න අවස්ථාව
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිව්රුම් දෙයි
ඊසානදිග මෝසම් තත්ත්වය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්
ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට