එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් ස්ථාපනය කර තිබේ.
ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වා වූ මාර්ගය අංක 01 පිවිසුම ලෙසත්,
රතු බොක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය අංක 02 පිවිසුම ලෙසත්,
රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය අංක 03 පිවිසුම ලෙසත් හඳුන්වා දී තිබේ.
සිරි දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ වන අතර එය පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
