අවුරුදු සිරිත් විරිත්වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වළකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ, අවුරුදු උත්සව විශේෂ අංගවලට අසභ්‍ය නොගැළපෙන දේවල් එකතු කිරීමෙන් රටේ සංස්කෘතිය සභ්‍යත්වය සහමුලින්ම විනාශයට පත්වන බවයි.
අවුරුදු සිරිත් විරිත් චාරිත්‍ර විශේෂාංග වලට නොගැලපෙන දේවල් එකතු කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන බව අමාත්‍යාංශය පවසනවා.