ශ්‍රී ලංකාවේ විශාලතම කිරිබත සකස් කිරීම ඊයේ (14) සිංහල හා දෙමළ අලුත් අවුරුදු දා ,සුබ මොහොතින් වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන්ගේ දෑතින් සිදු කර තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 50කට අධීක පිරිසකගේ දායකත්වයෙන් ඊයේ අලුයම සකස් කළ මෙම අවුරුදු කිරිබතට කැකුළු සහල් කිලෝ 400ක්,පොල් ගෙඩි 705ක් යොදාගෙන තිබිණි.
කිරිබත වෙනුවෙන් ලුණු මිරිසක්ද රැඳවුවන් විසින්ම සකසා තිබේ.
ඒ් සඳහා බී ලූණූ කිලෝ 60ක්, වියළී මිරිස් කිලෝ 12ක්, අමුමිරිස් කිලෝ 07ක්, දෙහි කිලේ 10ක් සහ දියලුණු කිලෝ 30ක් යොදා ගත් බව සඳහන්.
මෙම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවූවන් 3300කට ආසන්න පිරිසකට අවුරුදු දා රසවිඳීමට හැකිව අතර, එහිදී එක් අයකුට ග්‍රෑම් 225ක බරකින් යුත් කිරිබත් කැටයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.