ශ්‍රී ලංකාවේ විශාලතම කිරිබත සකස් කිරීම ඊයේ (14) සිංහල හා දෙමළ අලුත් අවුරුදු දා ,සුබ මොහොතින් වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන්ගේ දෑතින් සිදු කර තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 50කට අධීක පිරිසකගේ දායකත්වයෙන් ඊයේ අලුයම සකස් කළ මෙම අවුරුදු කිරිබතට කැකුළු සහල් කිලෝ 400ක්,පොල් ගෙඩි 705ක් යොදාගෙන තිබිණි.
කිරිබත වෙනුවෙන් ලුණු මිරිසක්ද රැඳවුවන් විසින්ම සකසා තිබේ.
ඒ් සඳහා බී ලූණූ කිලෝ 60ක්, වියළී මිරිස් කිලෝ 12ක්, අමුමිරිස් කිලෝ 07ක්, දෙහි කිලේ 10ක් සහ දියලුණු කිලෝ 30ක් යොදා ගත් බව සඳහන්.
මෙම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවූවන් 3300කට ආසන්න පිරිසකට අවුරුදු දා රසවිඳීමට හැකිව අතර, එහිදී එක් අයකුට ග්‍රෑම් 225ක බරකින් යුත් කිරිබත් කැටයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට