පිල්ලෙයාන්ගේ නීතිඥවරයා ලෙස නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමු වී තමන් සාකච්ඡා කළ බව, හිටපු පාලරීමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් ,
සිවනේන්ෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ නීතිඥවරයා ලෙස උදය ගම්මන්පිල කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ ඉල්ලීමට අවස්ථාව දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
මේ පිළිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබුණේ පැය භාගයක කාලයක් තමන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂිතූරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව හිමිවූ බවයි.
එහිදී තමන්ට සිරමැදිරියක් තුළ ගෙවන වේදනාත්මක ජීවිතය පිළිබදව පිල්ලෙයාන් කරුණු පැහැදිලි කළ බවත්, ඇතැම් අවස්ථාවල පිල්ලෙයාන් කඳුලු සලමින් හඬා වැටුණු බව ද නීතීඥ උදය ගම්මන්පිල එහිදී පවසා තිබුණා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද, දැනට රදවාගෙන ප්‍රශ්න කෙරෙන පිල්ලෙයාන් සමග දුරකථන මාගර්යෙන් කතා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාතර්මෙන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත් එම ඉල්ලීමට අවස්ථාවක් නොදුන් බවත්, එලෙස රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීති විරෝධී බවත් අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළා.