Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශ්ව සාම සම්මේලනය ඇමතීමට වරම් ලද මෛත්‍රී

1 week ago 1.3 K

විශ්ව සාම සම්මේලනයේ 2025 ගෝලීය සමුළුවට ප්‍රධාන ආරාධිතයකු වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වී තිබෙනවා.

මෙවර විශ්ව සාම සම්මේලනය දකුණු කොරියාවේ සෝල් අගනුවරදී අප්‍රේල් 10 වනදා සිට 14 වනදා දක්වා පැවැත්විණි.

විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ ආසියා පැසිපික් කලාපීය සභාපතීත්වය දරන මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෝලීය සමුළු සමාරම්භක සැසියේදී විශේෂ දේශනයක් පවත්වන ලදි.

එහිදී ගොලීය දේශපාලනික ස්ථාවරත්වය හා සාමය පවත්වාගැනීම, දේශගුණික විපර්යාස කළමනාකරණය, හා ගැටුම් කළමනාකරණය සඳහා ආගම හා දේශපාලනය යන අංශ ඒකාබද්ධ කළ ද්වි-මණ්ඩල ගෝලීය සංවිධානයක් ගොඩනැංවීමේ අවශ්‍යතාව යන ප්‍රස්තූතයන් අවධාරණය වූ අතර එය බොහෝ දෙනාගේ පැසසුමට හා අවධානයට ලක්වූ කතාවක් වී තිබේ.

මෙවර විශ්ව සාම සම්මේලනය වෙනුවෙන් රටවල් 40ක පමණ හිටපු රාජ්‍ය නායකනායිකාවන්, වත්මන් කතානායකවරුන්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන් හා වෘත්තිකයන් සහභාගී විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *