විශ්ව සාම සම්මේලනයේ 2025 ගෝලීය සමුළුවට ප්‍රධාන ආරාධිතයකු වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වී තිබෙනවා.
මෙවර විශ්ව සාම සම්මේලනය දකුණු කොරියාවේ සෝල් අගනුවරදී අප්‍රේල් 10 වනදා සිට 14 වනදා දක්වා පැවැත්විණි.
විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ ආසියා පැසිපික් කලාපීය සභාපතීත්වය දරන මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෝලීය සමුළු සමාරම්භක සැසියේදී විශේෂ දේශනයක් පවත්වන ලදි.
එහිදී ගොලීය දේශපාලනික ස්ථාවරත්වය හා සාමය පවත්වාගැනීම, දේශගුණික විපර්යාස කළමනාකරණය, හා ගැටුම් කළමනාකරණය සඳහා ආගම හා දේශපාලනය යන අංශ ඒකාබද්ධ කළ ද්වි-මණ්ඩල ගෝලීය සංවිධානයක් ගොඩනැංවීමේ අවශ්‍යතාව යන ප්‍රස්තූතයන් අවධාරණය වූ අතර එය බොහෝ දෙනාගේ පැසසුමට හා අවධානයට ලක්වූ කතාවක් වී තිබේ.
මෙවර විශ්ව සාම සම්මේලනය වෙනුවෙන් රටවල් 40ක පමණ හිටපු රාජ්‍ය නායකනායිකාවන්, වත්මන් කතානායකවරුන්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන් හා වෘත්තිකයන් සහභාගී විය.

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි