අලුත් අවුරුදු දින 2ක තුළ පමණක් බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, අප්‍රේල් 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම්වල දී පමණක් මෙම වැරදිකරුවන් හඳුනාගත් බවයි.
අලුත් අවුරුදු නිවාඩු දෙදිනෙහි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමට ද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.
එහිදී අත්අඩංගුවට ගත් බීමත්ව රිය පැදවු පුද්ගලයන් 800 දෙනෙකු එරෙහිව එලෙස නඩු පැවරීමට කටයුතු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.