පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිහිපත් කිරීම වෙනුවෙන් අප්‍රේල් 21 වැනිදා උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම ඇතුළු පියවර රැසක් ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා දායකත්වය ලබා දෙන ලෙස ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියනම විසින් සියලු ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
ඔහු විසින් යොමු කරන ලද පණිවිඩයක දැක්වෙන්නේ අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී මැල්කම් රංජිත් කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන සැමරුම සිදු කරන බවයි.
සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන්ගේ සහභාගීත්වයෙන් එම සැමරුම් සිදු කිරීමට නියමිතයි.
එයින් පසු උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවය රැකීම සිදු කෙරෙනු ඇති.
කටුවපිටිය සා. සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී උදෑසන 8.15 ට අති උතුම් මැක්ස්වෙල් සිල්වා, සහ ජේ. ඩී. ඇන්තනි හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එයින් පසු පස්වරු 4.30ට කටුවපිටියේදී වින්දිත පවුල් 10කට නිවාස ලබාදීමේ උත්සවයක් පැවැත්වෙන බවද දැනුම්දෙනවා.
පසුව පස්වරු 5.30 ට වතිකානයේ ශුද්ධාශනය විසින් ප්‍රහාරවලින් මියගිය අයව ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පිළිගැනීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත්කිරීම සහ දේව මෙහෙය පැවැත්වීමට නියමිතයි.

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී