කොටහේන පොලිස් වසම සහ වෙරළබඩ පොලිස් වසම ඇතුලත මාර්ගවල රථවාහන හෙට (21) දිනයේ ගමනාගමනය සීමා කරන බව පොලීසිය දැනුම් දී තිබෙනවා.
කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පවත්වන පාගමන සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසනවා.
මෙම පා ගමන උදෑසන 07.00 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයෙන් ආරම්භ කර බොංජින් හන්දියෙන් වමට හරවා ගල්පොත්ත වටරවුමෙන් ගල්පොත්ත වීදිය හරහා ජම්පටා වීදියට ගමන් කර ජම්පටා වීදීය ඔස්සේ වෙරළබඩ ශාන්ත අන්තෝනී දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, එදින උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ පහත මාර්ගයන් තාවකාලිකව වසා තැබීම සිදු කරන බව පොලීසිය දැනුම් දී තිබුණා.
පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
අදාළ විකල්ප මාර්ග සහ වසාතබන මාර්ග පහතින්,
