ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත් කර තිබේ.
ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (15) මෙරට ඉතිහාසය් 11 වන විභාග කොමසාරිස් ජනරාල් ලෙස අද නිල වශයෙන් සිය ධූරයේ කටයුතු ආරම්භ කරන ලදි.
ඇය ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවකි.
රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා තිබෙනවා.