රට රැකියාවලට ගොස් සිටියදී වද හිංසාවලට ලක්වන ශ්‍රී ලාංකික කාන්තාවන් ගැන අපි අහන්නේ අද ඊයේ සිට නෙවෙයි.
කනගාටුවට කරුණ නම් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්නට එදා මෙදාතුර කිසිඳු පාලනයක් හෝ වගකිවයුත්තෙක් සමත් නොවීම.
මේ එම අසමත් කමේ තවත් ප්‍රතිඵලයකි. “මට එක ගැහුවා. පාරටම හිටගෙන ඉද්දි දණහිසට පයින්
දවස් හයක් වැඩකරලා ආවා. ඒ සල්ලිත් මිස් ළඟ. පොඩි එවුන් කෝල් කරද්දි කියන්නේ කන්න නෑ. මම මොකද්ද මෙහෙට වෙලා කරන්නේ. මෙහෙම ඉන්න පුළුවන් ද?
මේ අහරක් ඉල්ලා හඬන දරුවන්ගේ කුස පුරවන්නට, හිසට සෙවණක් තනාගන්නට, දාහක් බලාපොරොත්තු පොදි බැඳගෙන මැද පෙරදිගට ගිය අම්මාවරුන් පිරිසකගේ කඳුළු කතාවක්.
මේ කතුන් පවසන පරිදි ඔවුන් ඩුබායි රාජ්‍යය බලා ගොස් ඇත්තේ මෙරට නම ගිය විදේශ රැකියා ඒජන්සි කිහිපයක් හරහාය.
එසේ ගිය මෙරට කාන්තාවන් 30දෙනෙකු මෙලෙස චෝදනා කරන්නේ තමන් රැකියාවලට යොදවා, වෙනත් පිරිසක් මුදල් උපයාගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් සිදුකරන බවටය.
එමෙන්ම මෙරට ප්‍රධාන පෙළේ විදේශ රැකියා ආයතනයක ඩුබායි හි කාර්යාලය තුළ තමන් නිවාස අඩස්සියේ තබා කෲර වද හිංසා පමුණුවන බවත් ඔවුන් පවසයි. මේ එවන් වද හිංසාවට ලක් වු කාන්තාවන් කිහිප දෙනෙක්,
“සල්ලි ටික ඔකෝම එයා ගන්නවා. අපිට දරුවන්ටවත් ලංකාවටවත් සල්ලි ටිකක් දා ගන්න විදියක් නෑ. අපි දවස් 13 14 වැඩ කරනවා. එයාලා අපිව එජන්සියට ගෙන්නගෙන සල්ලි ටික ගන්නවා. එයා රත්තරං පලඳිනවා. විනෝද වෙනවා. ගෙවල් ගන්නවා. අපි ගොඩක් අපා දුක් විඳිනවා”
“කැමරා හයි කරලා ළමයෙකුට කතාබහා කරන්න විදියක් නෑ. ළමයි අසරණ කරලා ගොඩක් වඳ හිංසා දෙනවා”
“මේ දෙවල් කරන්නේ ශ්‍රීයානි කියන කෙනයි අනියම් සැමියයි. විදේශ සේවා එකට දැනුම් දුන්නත් අපිට පිළිසරණක් ලැබුණේ නෑ”
“අවන්ති කියන කෙනාට හොඳටම ගැහුවා . එයා ICU එකේ දවස් 4ක් හිටියා.”
දණ්ඩනීති සංග්‍රහයට අනුව මිනිස් වෙළෙදාම ඇප ලබානොදිය හැකි වරදකි.
නීතිය පොතට සීමා වී අවනීතිය මෙලෙස රජ කරන විට මේ කතුන්ගේ හෙට දවස කෙසේ වේවිද?
අම්මාවරුන්ගේ දහදිය රුපියල්වලට හැරී ගෙදරට ලැබුණු පසු බත් කටක් කන්නට බලා සිටින, පාසල් යන්නට බලා සිටින දරු පැටවුන්ගේ අනාගතයට කුමක් වේවිද?
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් තානාපතිවරයෙකු ද පත් වී සිටින තැන, මේ වින්දිතයන්ට සාධාරණය ඉටු වනු ඇති බවට අප බලාපොරොත්තු වෙමු.

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ