Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාගම සිරිනන්ද හිමි වැඩ වසන විහාරස්ථානයට සොරු පනී! මැණික් හා මුදල් සොරා ගනී!

9 months ago

විචිත්‍ර ධර්ම කථීක කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිකළ ගල්කිරියාගම, පහමිණියාගම සමාධි මහා විහාරස්ථානයේ අහිනව ධාතු මන්දිරය බිඳ තැන්පත් කර තිබූ කරඩුවේ මැණික් ගල් රැසක් සහ මුදල් සොරැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත ගල්කිරියාගම පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා. 

ඊයේ (07) රාත්‍රී කාලයේ මෙම සොරකම සිදුව ඇති බවයි විමර්ශන සිදුකරන ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේ.

සොරකම සඳහා පැමිණි කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළු වී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

සොරුන් විසින් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬූන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

කරඬූන් වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණීක් ගල් 19ක් හා ධාතු මංදිරය තුළ වූ පිං පෙට්ටිය ද එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබෙනවා. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *