Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මරණ දඬුවම නියම වූ හිටපු ඇමති බිරිඳක් ජනාධිපති පොදු සමාවෙන් නිදහස් කරලා

8 months ago

හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ බිරිඳ වන මරිය ජුලියට් මොනිකා ප්‍රනාන්දු මහත්මියට මරණීය දණ්ඩනය නියම වී තිබියදී ජනාධිපති සමාව යටත් නිදහස් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.

වෙසක් පොහොය නිමිත්තෙන් ලබා දුන් ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකු නීති විරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී මෙම කරුණු හෙලි කලේය.

මරිය ජුලියට් මොනිකා ප්‍රනාන්දු මහත්මිය කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකාරිය වී 2005 වසරේදී මරණ දණ්ඩනය නියම වී ඇත.

නමුත් 2009 මාර්තු මාසයේදීල එවකට ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලබා දුන් ජනාධිපති පොදු සමාවක් මඟින් ඇය නිදහස් කරන ඇත.

සිරකරුවන් නිසි අනුමැතියකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය හෙලි කලේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *