Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

9 months ago

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන  බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය නිකුත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කර ගැනීමට හැකිවන පරිදි එම චක්‍රලේඛය මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇති.

නීතීවිරෝධී හා අයථා ක්‍රම මගින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය එමගින්  අවසන් කරන බවද  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛයද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා තවදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *