වසරේ ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය ඉක්මවා ලබාගත් 102.6% ක ප්‍රගතියකි.
පසුගිය වසරේ රුපියල් බිලියන 226.7 ක් රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව තිබුණි.
ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව බදු ශක්ති නමින් ක්‍රියාත්මක වූ බදු සතිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව සක්‍රීය දායකත්වයක් ලබාදී තිබුණි.
ඒ සුරාබදු බලපත්‍ර ස්ථාන පරීක්ෂාව, සුරාබදු බලපත්‍රධාරීන් ජනතාව දැනුවත් කිරීම හා නීති විරෝධි නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරමින් ය.
