Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බැදුම්කර මගඩියට සුදු හුණු ගෑ මන්ත්‍රීන් 10 දෙනෙකුට වැඩ වරදින ලකුණු

7 months ago

පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ බැදුම්කර සිද්ධියට සුදු හුණු ගෑමට සහ එහි තොරතුරු වසන් කිරීමට මත්පැන් සමාගමයකින් කෝටි ගණනින් මුදල් ඇතුළු විවිධ වරදාන ලබාගත් බවට පැවසෙන හිටපු සහ වත්මන් පාලරීමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව විමශර්නයක් ආරම්භ කර තිබෙනවා.

විමර්ශනයට ලක්වන මෙම දස දෙනා අතර, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද සිටින බව CID ආරංචි මාර්ග තහවුරු කරයි.

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුල් වකවානුවේදී බැඳුම්කර සිද්ධිය දැඩිව විවේචනය කර තිබුණ ද මත්පැන් සමාගමෙන් මුදල් ඇතුළු විවිධ වරදාන ලබා ගැනීමෙන් පසු මෙලෙස විවේචන කිරීම අතහැර දමා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

මත්පැන් සමාගමෙන් එම මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇතැයි පැවසෙන චෙක්පත් ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව දැනටමත් සොයාගෙන ඇති බව සඳහන්.

එම චෙක් පත් සම්බන්ධව පරීක්ෂණ මෑතක සිට අලුත් වටයකින් ආරම්භ කර ඇති බවද වාතථා වනවා.

බැඳුම්කර සිද්ධිය පිළිබඳ මුල් විමර්ශන මෙහෙයවනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසිනි.

ඔහු එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු විමර්ශන අඩාල වූ අතර, පසුගියදා අබේසේකර මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමත් සමඟ මෙම විමර්ශන යළි ක්‍රියාත්මක වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *