Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

new revolution in Sri Lankan education system

පාසල් කාල පරිච්ඡේදයක වේලාව වැඩි කිරීමට හේතුව හෙළිවෙයි

7 months ago

පාසල්වල කාල පරිච්ඡේදයක, සීමාව විනාඩි 50ක් ලෙස දීර්ඝ කිරීමට හේතු වී ඇත්තේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යයන ක්‍රියාවලියට ක්‍රියාකාරකම් වැඩි වශයෙන් ඇතුළත් කර තිබීම බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ,  කාල පරිච්ඡේදයක අධ්‍යයන කටයුතුවලට අදාළ ක්‍රියාකාරකම්වල නියැලීම වෙනුවෙන් සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බැවින් මෙම වෙනස සිදු කර ඇති බවයි.

“කාල පරිච්ඡේදයක විනාඩි 40 , විනාඩි 50 බවට පත්වෙනවා, මොකද අපි හිතනවා ළමයින්ට නිදහසේ මොඩියුල් එකක් කරන්න අවස්ථාව තියෙන්නෙ ඕන, මේකේ අපි ගොඩක් ක්‍රියාකාරකම් ඇතුළත් කරලා තියෙනවා, උදාහරණයක් විදියට කණ්ඩායමක් එක්ක එකතුවෙලා පොඩි එකක් කරන්න, ඉදිරිපත් කිරීමක් කරන්න…ඒක කලබලේට කරන්න බැහැ, ඒකට relax වෙන්න ඕන. ගුරුවරයාටත් වෙලාව තියෙන්න ඕන මේ ක්‍රියාකාරකම්වල යෙදෙන්න.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *