Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මන්ත්‍රී ජගත් විතාන පාර්ලිමේන්තුවේදී හඬා වැටෙයි

6 months ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ එකලස් කළ වාහනයක් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා තමාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි.

මේ සම්බන්ධයෙන් නිකමට හෝ තමාට දුරකථන ඇමතුමක් ලබාදුන්නේනම් තමා වාහනය ගෙනවිත් භාරදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමා විසින් හිටපු ප්‍රභල ඇමතිවරයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකුගේ දියණියගෙන් මෙම වාහනය මිලදී ගත් බවත් එය නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහනයක් බව තමා නොදන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී සංවේදී වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූවේ තමාගේ පුත්‍රයාට කුඩා දරුවන් දෙදෙනෙකු සිටිනා බවත් එම දරුවන් තමාගෙන් පියා පිළිබඳ විමසන විට එය දරාගත නොහැකි බවත් ය.

කෙසේවෙතත් මෙහි මුල් හිමිකරු ඉදිරිපත් වනතෙක් තමාගේ පුතාට ඇප ලබා නොදෙන බවත් ඒ පිළිබඳ තමා එහි පෙර හිමිකාරියගේ පියා වන රෝහිත අබේගුණවර්ධන මහතාට දුරකථනයෙන් දැනුම්දුන් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *